Wednesday, February 26, 2025

General line - 0115112241

සංචාරක ක්ෂේත්‍රයට වාහන 1,000ක් ගේන්න අනුමැතිය. 



මේ අතර සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් ඇතුළු සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා වාහන 1,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

මේ අතර 2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.