Wednesday, February 26, 2025

General line - 0115112241

ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ ‘එගොඩඋයනේ ලාරා’ අත්අඩංගුවට

දර්ශන් කානිල් ප්‍රනාන්දු



නිවාසවලට පැන මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකථන ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරාගත් ‘එගොඩඋයන ලාරා’ ලෙසින් හඳුන්වන පුද්ගලයා එගොඩඋයන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරු සොරකම් කළ භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දාහතරක් පමණ වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු එගොඩඋයන මෝදර ජයගත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා 2023 වර්ෂයේ සිට විවිධ අපරාධ පිළිබඳව බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලැබූ පුද්ගලයෙකු වන අතර ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.