ස්වස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාරයේ සිට මෙරටට ගෙන්වන ලද ආදිවාසී මානව අස්ථී සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ රැසක් මාධ්‍ය වෙත නිරාවරණය කිරීම කොළඹ කෞතුකාගාරයේදී සිදු කෙරුණා
ස්විස්ටර්ලන්තයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය සහ සංස්කෘතික කෞතුකාගාරයේ තැම්පත් කර තිබූ මෙම භාණ්ඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඔෂාන් වෙදගේ, ආචාර්ය ප්‍රැක්ට්‍රික් රොබට්ස්, ආචාර්ය ගේහාඩ් බැසිල්, සහ වැදි නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් විසින් සිදු කරන ලද පර්යේෂක ප්‍රතිඵලයක් මඟින් එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ උරුමයක් බව තහවුරු කිරීමට හැකි විය
මෙම භාණ්ඩ 19 වන සියවසේ මුල් භාගයේදී සැරසින් සහෝදරයන් විසින් මෙරටින් රැගෙන ගොස් ස්විස්ටර්ලන්තයේ ස්වභාවික කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ.
පර්යේෂණ මගින් තහවුරු කිරීමෙන් අනතුරුව ෙම භාණ්ඩ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ උරුමයන් රැක ගැනීමට හා වත් පිළිවෙත් සිදුකිරීමට වැදගත් වන බැවින් ස්විස්ටර් ලන්ත රජය විසින් මෙරටට එම භාණ්ඩ ලබාදීමට තීරණය කරන තිබේ.
ඉන්පසු ආචාර්ය ඔෂාන් වෙදගේ සහ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුලු දුප කණ්ඩායමක් ස්විස්ටර්ලන්තයට ගොස් එම භාණ්ඩ පරික්ෂා කොට හඳුනා උරුමය තහවුරු කිරීමෙන් පසු සුරක්ෂිකව මෙරටට රැගෙන එන ලදී.
ඉදිරියේදී එම මාතව අස්ථි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ජාන විද්‍යාත්මක පර්යේෂණ වලට ලක් කිරීමටත් එමගින් ලංකාවේ ආදි වාසීන් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටත් සැලසුම් කර ඇත.
ආදිවාසීන් භාවිතා කළ දුනු ඊතල ඇතුළු තවත් භාණ්ඩ, අස්ථි කොටස් හිස්කබල මේ අතර වනවා.
මෙම භාණ්ඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ලබාදීමෙන් පසු තවදුරටත් පර්යේෂණ වල නිරත වනවා.
පසුව මහජන ප්‍රදර්ශනය සඳහා කෞතුකාගාරයේ තැන්පත් කිරීමට නියමිතයි