Wednesday, February 26, 2025

General line - 0115112241

තැපැල් සේවක නිවාඩු අවලංගු කළත් වර්ජනය අඛණ්ඩව



වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු‍ තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ඔහු කියා සිටියේ වෘත්තීය සමිති ගැටලු‍ විසඳීම සඳහා මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුවද තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ද තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළා.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.