Wednesday, February 26, 2025

General line - 0115112241

කුවේටයේ ගොඩනැගිල්ලක ගින්නක් - 50ක් මරුට



කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම පුද්ගලයන් අතර ඉන්දියානුවන් 40 දෙනෙකු සිටින බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

ගින්නෙන් ඉන්දීය ජාතිකයන් 50 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

ගින්න ඇති වන අවස්ථාවේදී එම ගොඩනැගිල්ලේ කම්කරුවන් 196 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මියගිය අයගෙන් බොහෝ පිරිසක් දකුණු ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල පදිංචිකරුවන්.

පිලිපීන බලධාරීන් පවසන්නේ මියගිය පිරිස අතර පිලිපීන ජාතිකයන් තිදෙනෙක්ද සිටින බවයි. 

දැඩි පරිශ්‍රමයකින් පසු ගින්න මැඬ පැවැත්වීමට කුවෙට් ගිනි නිවන කණ්ඩායම්හට හැකි වී තිබෙනවා.

කෙසේ වෙතත් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ අන්‍යනතාව පිලිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

මෙම ගොඩනැගිල්ලේ අදාළ පුද්ගලයන් නිදා සිටියදී ගොඩනැගිල්ලේ පහළ මහලක මුළුතැන්ගෙයින් ගින්න හටගෙන ඇති ගින්න වේගයෙන් ඉහළ මහලටද පැතිරී ගිය බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.