වැල්ලවාය, රණ්දෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහි සිටි සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි වැල්ලවාය පොලිසිය පැවසුවේ.
එම වැටලීමේදී නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා සහ පේරීම් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රණ්දෙණිය ප්‍රදේශයට නීති විරෝධී මත්පැන් බෙදාහැරි ප්‍රධානතම මත්පැන් නිෂ්පාදනාගාරය මෙය බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අතඩංගුවටගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.