ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියදී එම හමුව සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම වෙනුවෙන් පසුගියදා බම්බලපිටිය ප්‍රදේශයේ විවෘත වූ කාර්යාලයේදී දෙපාර්ශවයේ සාකච්ඡාව සිදුව තිබෙනවා.
අදාළ සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රභල අමාත්‍යවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.
එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් එම පාර්ශව දෙක ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කර තිබෙනවා.
කෙසේවෙතත් එහිදී සාකච්ඡා වූ කිසිවක් ප්‍රසිද්ධ නොකිරීමට ඔවුන් තීරණයකට එළඹ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.