Friday, April 18, 2025

General line - 0115112241

හෙරොයින් සමඟ මුහුදේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 07කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

උදය කුමාර



හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉරාන හා පාකිස්තානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් තීන්දුව ලබා දුන්නා.

2022 වසරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 123 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම විත්තිකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළා.

ඒ අනුව විනිසුරුවරයා විසින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

විත්තිකරුවන් කළ ඉල්ලීම පිළිගත්  මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ව ඔවුන්ගේ මව් රටට පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියා.