යාපනය ශාන්ත අන්තෝනි ක්‍රිස්තියානි දේවස්ථානය ඉදිරිපිට තාලයඩි වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මරදන්කේනි පොලිස් ස්ථානයේ නිලධාරින් සහ නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරින් සිදුකල ඒකාබද්ධ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
කිලෝ ග්‍රෑම් 135යි ග්‍රෑම් 100ක් අඩංගු එම කේරළ ගංජා තොගය පාර්සල් 60ක අසුරා ප්‍රවාහනයට සූදානම් කර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එම කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා මරදන්කේණි පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.