Thursday, February 27, 2025

General line - 0115112241

හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි

උදය කුමාර



අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමේ වග උත්තරකාරියක ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඉදිරි නඩු දිනවලදී අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටීම අවශ්‍ය නොවන බව අභියාචනාධිකරණය නියම කළා.

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසාමිල්ගේ පුත්‍රයා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පාර්ශවයට අධිකරණය විසින් දින ලබා දුන්නා. පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.