ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එම අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් පැවසුවේ මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමඟ එම මාර්ග සිතියම ආරම්භ වනු ඇති බවයි.
අනතුරුව මෙම වසරේ සිව්වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහන වාහන සඳහා අවසර ලැබෙනු ඇති බවත් ඉතිරි වාහන සඳහා 2025 වසරේදී ක්‍රමානුකූලව අවසර ලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියා.
ඉන් බදු අදායමට සහ සංචිතවලට ඇතිවන බලපෑම ඇතුළත් සවිස්තරාත්මක සැලැසුමක් හෙට වනවිට සූදානම්වී අවසන් වනු ඇතැයිද පීටර් බෘවර් පැවසුවා.
වාහන ආනයන සීමා ලිහිල් කිරීම තුළින් ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයට සියයට 0.8 කින් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු පෙන්වා දුන්නා.