විදෙස් රටවල බෞද්ධයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් සකස් කිරීමට ශ්‍රී ලංකා විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සිය සංගමයේ වාර්ෂික සුහද හමුවේදී ද අවදානය යොමු කරන බවයි ශ්‍රී ලංකා විදේශ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ මහ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ඔලුව පැවසුවේ.
එම සුහද හමුව අද පෙරවරු 09.30ට මොරටුව රමාඩියා හෝටලයේදී ආරම්භ වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.