Thursday, February 27, 2025

General line - 0115112241

හෙරොයින් තොගයක් සමඟ ඇල්ලූ ධීවර යාත්‍රාව ගාල්ල වරායට



ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගත් හෙරොයින් තොගයක් සහිත ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් හයදෙනා ගාල්ල වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400ක් පමණ දුර ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදී එම යාත්‍රාව සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 150ක් සොයාගෙන තිබෙනවා.

තවත් හෙරොයින් තිබේදැයි සොයා එම ධීවර යාත්‍රාවේ අභ්‍යන්තර කොටස් තවදුරටත් පරික්ෂා කරන බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.