රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුනි 26 සහ 27 දෙදින රුසියාවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා.
එම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.
පවතින ගැටලුව අදියරෙන් අදියර විසඳා ගැනීමට කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වැඩිදුරටත් පැවසුවා.