Thursday, February 27, 2025

General line - 0115112241

ඉන්දියාවේදී අයි එස් අයි එස් සමඟ සබඳතා පැවැත්වූ අබ්දුල් රහීම්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට



අයි එස් අයි එස් සංවිධානයට ආධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීමට අදාළව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අබ්දුල් රහීම් මොහොමඩ් රස්ඩීන් නැමැත්තා සමග සමීප සබදතා පැවැත්වූ සැකකරුවෙකු ඔරුගොඩවත්ත පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයෙක්.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 500ක්, රුපියල් දෙලක්ෂ 2,930ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.