Thursday, February 27, 2025

General line - 0115112241

IMF ණය ලබා ගැනීම ගැන පොහොට්ටුව කතා කරයි



රටට ජාත්‍යන්තර අරමුදලේ සහය අත්‍යවශ්‍ය බව විපකත්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ සඳහා නිවැරදි ගිවිසුමකට එළඹිය යුතු බවයි විපක්ෂ නායකවරයා උතුරු පළාතේ සංචාරයකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම පිළිබඳ සතුටට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

එලෙස ලබාගන්නා ණය ගෙවීම සඳහා ඇති සැලසුම පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට සිය පක්ෂයේ ඉදිරිපත්වන අපේක්ෂකයාගේ ආර්ථික වැඩපිළිවෙල ප්‍රකාශයට පත්කරන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ.  

ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.