මෙම වසරේ පළමු මාස හය තුළ පැවති නියඟය හා වැස්ස මෙන්ම පොහොර නොයෙදීම නිසා තේ නිෂ්පාදනයේ සැළකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.
එම ප්‍රමාණය ගත වූ මාස හය තුළ තේ කිලෝ ග්‍රෑම් මිලියන 7යි දශම 1ක් අඩුවී ඇති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පැවසුවේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ වී තිබෙනවා.
එම මණ්ඩලයේ ඉදිරි ප්‍රගතිය හා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
කෙසේවෙතත් තේ වගාවන්හි අස්වැන්න වසර කිහිපයකට පසු ඉදිරියේදී ඉහළ යාමට හැකි බව ද මෙහිදී අනාවරණ වී තිබෙනවා.
ඒ, මේ වනවිට තේ වගාකරුවන් පොහොර යෙදීම ආරම්භ කිරීම, තේ සඳහා රුපියල් මිලියන 1200ක සහනාධාරයක් ලබා දීම සහ වැස්ස මෙන් ම හිරු එළිය ද හොදින් ලැබෙන තත්ත්වයක් හේතුවෙන් බවද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.