වසර 05ක් ඉක්මවා ජනපති ධූරයේ රැඳී සිටීමට අවස්ථාවක් නොමැති බවමැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
පැෆ්රල් සංවිධනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව එලෙස අවුරුදු 05 ඉක්මවා ජනපති ධූරයේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බවයි.
එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාටද සිය ධූර කාලය දීර්ඝ කිරීමට අවස්ථාව හිමි නොවූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ජනාධිපතිවරයාගේ ධූර කාලය පාර්ලිමේන්තුව හරහා දීර්ඝ කිරීමට යම් පාර්ශවයක් උත්සහ දැරුවහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවා.