Thursday, February 27, 2025

General line - 0115112241

ළමා අපයෝජන සිද්ධීන් ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම්දීමක්



දරුවන් වැඩි වශයෙන් ළමා අපයෝජන සිද්ධීන්වලට ලක්වන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන්ගෙන් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එවන් පසුබිමක් තුළ එම ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව වාර්තා නොවන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදය අමරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ. 


වැලිඔය ප්‍රදේශයේදී ඉකුත් දා ආහාර ලබා දුන් කුඩා දරුවෙකුට පියා විසින් පහර දීමේ සිද්ධියද ඇතැම් විට එලෙස වාර්තා නොවීමට ඉඩ තිබූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.