අධ්‍යාපනය ඩිජිටල් කරණයේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ වෙනුවෙන් පාසල් කිහිපයකට අදාල උපකරණ ලබාදී ඇති බවත් වසර තුනක් අවසන් වන විට සියලු පාසල්වලට අවශ්‍ය ඩිජිටල් උපකරණ ලබාදීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.
නාත්තන්ඩිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව ප්‍රකාශ කළා.
විෂයන් කිහිපයකට අදාළව උපාධිධාරින් 2,300කට ගුරු පත්වීම් ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.