නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් වෙරළබඩ පොලිස් වසමේ සිදුකල වැටලීමකදීයි.
එහිදී සොයාගෙන ඇති දුම්වැටි ප්‍රමාණය එක් ලක්ෂ 20,000ක්.
ඒවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාවත්ත සහ මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.