පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ අවසන් තරගය ලකුණු 83කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 201 ක් රැස්කිරීමට සමත් වුණා.
එහිදී කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස්කළා. ධනංජය ද සිල්වා ලකුණු 34යි. ඇන්ජලෝ මැතීව්ස් පන්දු 15කදී නොදැවී ලකුණු 30ක් සහ නායක වනිදු හසරංග පන්දු 06කදී නොදැවී ලකුණු 20ක් රැස්කළා.
ලෝගල් වන් බීක් ලකුණු 45කට කඩුලු 02ක් බිඳ හෙලුවා.
ජයග්‍රාහී ලකුණු 202ක් රැස්කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 118ක් පමණයි.
නායක ස්කොට් ඇන්ඩෲ එඩ්වර්ඩ් සහ මයිකල් ලෙවිට් ලකුණු 31 බැගින් රැස්කළා.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 03ක්, වනිදු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 02 බැගින් දවා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙම තරගයට පිවිසියේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්ව තිබූ පසුබිමක් තුළයි.
එලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් අද තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංගගෙන් ප්‍රශ්න කළා.