Friday, April 18, 2025

General line - 0115112241

ජාත්‍යන්ත යොවුන් රුවල් ඔරු පැදීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාව බලා පිටත්ව යයි

ටී කේ ජී කපිල



03 වන ජාත්‍යන්තර යොවුන් රුවල් ඔරු පැදීමේ  තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා රුවල් ඔරු පැදීමේ කණ්ඩායමට කොළඹ රාජකීය, ගල්කිස්ස ශාන්ත තෝමස් සහ කොළඹ කාන්තා විද්‍යාලයේ වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 21 න් පහළ ක්‍රීඩකයින් 10 දෙනෙකු සහ එක් ක්‍රීඩිකාවක් ඇතුළත්.

එම තරගාවලිය මැලේසියාවේ ලන්ග්කාවි නුවර ලබන 19 දින සිට 23 වනදා දක්වා පැවැත්වෙනවා.

ඊට ලොව රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 දෙනෙකු පමණ  සහභාගීවීමට නියමිතයි.