හෙට දිනයෙන් ආරම්භ වන පොසොන් සතියේදී බැති සිතින් අනුරාධපුරයට පැමිණෙන ලෙස සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පවසනවා.
මෙවර පොසොන් උත්සව අනුරාධපුර නගරයේ ප්‍රධාන ජලාශවලින් එකතු කරගන්නා පැන්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වූ විශේෂ පාත්‍රයක තැන්පත් කිරීමෙන් අනතුරුව පවත්වනු ලබන සති පිරිත් දේශනාවෙන් ආරම්භ වනවා.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් අටමස්ථාන විහාරස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.
අනුරාධපුර පූජා නගරය ඇතුළු පුද බිම අපවිත්‍ර නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් නගරය සහ අවට ප්‍රදේශවල වැව්වලින් දිය නෑමේදී පොලිසිය විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.