“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ තවත් පිරිසකට අද ඔප්පු ප්‍රදානය සිදු කෙරුණා.
ඒ, ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.
එහිදී සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත අද දිනයේ සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එහිදී අදහස් පළකළ ජනාධිපතිවරයා පැවසුවේ භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර ඇති බවයි.