පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමග එක්වීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඔවුන් ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්වනු ඇති බවයි.
වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ප්‍රවර්ධන කටයුතු අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළකළා.