Saturday, March 29, 2025

General line - 0115112241

මගීන් 73 දෙනෙකු සමග ගුවන් යානයක් ඉහල අහසේ ගිනිගනී 



ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා පිටත්ව ගිය ගුවන් යානයක එන්ජිමේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉහල අහසේදී ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා 

වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයයේ  ගුවන් යානයක එක් එන්ජිමක ගිනි ගැනීම හටගෙන  තිබු අතර  ගින්නෙන්  එහි එන්ජිමක් ක්‍රියා විරහිත වීමෙන් පසුව  නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට  ආරක්ෂිතව ගොඩබස්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් නගරයේ සිට ඕස්ට්‍රේලියාව බලා එරට වේලාවෙන් පස්වරු 5.50 ට පමණ  ගමන් අරඹා තිබු අතර විනාඩි 50 කට පසුව මෙම සිදුවීම සිදුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
 
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු එම අවස්ථාවේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂියෙකු එන්ජිම තුළට ඇදී යාමෙන් ගින්න ඇති වන්නට ඇතැයි අනුමාන කරන බවයි.