පොසොන් සතිය අදින් ආරම්භ වනවා.
මෙවර පොසොන් සතිය තුළ අවම වශයෙන් මිලියනයකට අධික සැදැහැවතුන් පිරිසක් අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු සිද්ධස්ථාන වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එලෙස පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් මේ වනවිටත් සම්පාදනය කර ඇති බවයි පොසොන් කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ.
දිය නෑම සඳහා ආරක්ෂිත ස්ථාන භාවිත කරන ලෙසත් පරිසරය අපවිත්‍ර නොකරන ලෙසත් අනුරාධපුරයට පැමිණීමට නියමිත සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මෙහිදී සඳහන් කළා.