Thursday, February 27, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමේදී තවත් 761 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ මුළු වැටලීම් 762ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 742ක් සහ සැකකාරියන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඒ අතරින් සැකකරුවන් 18 දෙනෙකු රඳවා තබා ගැනීමට නියෝග ලබා ගැනීමටත්, එක් සැකකරුවෙකු වත්කම් විමර්ශනය සඳහාත්, සැකකරුවන් 10 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කිරීමටත් නියමිතයි. 

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත තුළ පමණක් වැටලීම් 536ක් සිදු කර ඇති අතර එහිදී ගංජා, හෙරොයින් සහ අයිස් මතද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.