ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය අද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.
ඒ අනුව එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ඇතුළු පාර්ශව දෙකක් විසින්.