රටට සහ ලංකා විදුලිබල මණ්ඩලයට දරාගත නොහැකි පරිදි විදුලි ගාස්තු අඩු නොකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ධනුශ්ක පරාක්‍රමසිංහ පැවසුවේ ජූලි 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ඒකක මිල සියයට 50කින් පමණ අඩු කිරීමට සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වන බවයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුශ්ක පරාක්‍රමසිංහ.