Thursday, February 27, 2025

General line - 0115112241

ලංකාවට ගෙන ආ තෙල් බැරල් 25,786ක් අතුරුදන්



මෙරටට ඉන්ධන රැගෙන ආ නෞකා දෙකක තිබූ ඉන්ධන බැරල් 25,786ක් අඩු වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.  


ඊට පිළිතුරු ලබා දුන් විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණන කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තාව ලැබීමෙන් පසුව ඉදිරි පියවර ගන්නා බවයි. 


මේ අතර ඔන්ලයින් පාස්පෝර්ට් නිකුත් කිරීමේදී පවතින බව කියන විවිධ ප්‍රමාදයන් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහ අමාත්‍ය ටිරාන් අලස්.


පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.