රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, උතුරු කොරියාවට පැමිණ තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා මෙලෙස උතුරු කොරියාවට පැමිණ ඇත්තේ වසර 24කට පසුවයි.
ඔහු සමඟ රුසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක් ද උතුරු කොරියාවට පැමිණ තිබෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇත්තේ එරට නායක කිම් ජොන් උන් විසින්.
රුසියානු ජනාධිපතිවරයා රතු පලස මතින් මෙහිදී පිළිගැනීම විශේෂත්වයක්.
උතුරු කොරියාවේ අගනුවරවල වීදි, පුටින්ගේ ජයාරූපවලින් සහ රුසියානු ධජවලින් සරසා තිබු ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
රුසියානු ජනාධිපතිවරයාගේ උතුරු කොරියානු සංචාරය පැය 09ක්.
මෙම සංචාරය අතරතුරදී රුසියාව සහ උතුරු කොරියාව ගිවිසුම් රැසකට අත්සන් තබනු ඇති.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙලෙස උතුරු කොරියාවට පැමිණෙන්නේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙන්ම දකුණු කොරියාවද, උතුරු කොරියාවට සහ රුසියාවට චෝදනා කරමින් සිටින පසුබිමකයි.
ව්ලැදිමීර් පුටින් මෙම සංචාරයෙන් පසු රුසියාවේ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන වියට්නාමයට යාමට නියමිතයි.
එහිදී දෙරටේ වෙළඳාම වැනි කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.