Thursday, February 27, 2025

General line - 0115112241

කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ



කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කෙසෙල්ගමුඔයේ තෙරේසියා වතු පාසල අසල පිරිසක් අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත, බගවන්තලාව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවනගෙන් තිදෙනෙක් එම වතුයායේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අනෙක් සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔවුන් වයස අවුරුදු 30ත් 50ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවයි පොලිසිය පැවසුවේ.

මෙම වැටලීමේදී සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.