Sunday, April 20, 2025

General line - 0115112241

නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරයට මහ සෙනඟක්



නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරෙන තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාව සඳහා මේ වන විටත් බොහෝ සැදැහැවතුන් එක්ව සිටිනවා.

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීම සඳහා සැදැහැවතුන් උදෑසන සිටම පෝළිම්වල රැඳී සිටි බවයි එහි සිටින නෙත් නිවුස් වර්තාකරුවන් පැවසුවේ.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සහ පොසොන් පොහෝදා ශ්වේත පූජා පිංකම් මාලාව මෙවර පැවැත්වෙන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදීයි.