ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් බෙදාහරින ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් ඕනෑම අයෙකුට ඊට අභියෝග කළ හැකි බව එම මණ්ඩලය පවසනවා.
බෙදාහරින පානීය ජලය සම්බන්ධයෙන් කතාබහක් මතුවුණේ මෝටර් රථයක් ගැටී කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයක් පිපිරීමේ සිද්ධියත් සමගයි.
එලෙස පුපුරාගිය නළය අදාළ ප්‍රදේශයේ එළා ඇත්තේ 1960 වර්ෂයේදී බවටයි එහිදී අනාවරණ වුණේ.
එතරම් පැරණි නළයකින් බෙදා හරින ජලය ගුණාත්මකදැයි පසුව ඇතැම් පිරිස් ප්‍රශ්න කළා.
නෙත් නිවුස් එම ප්‍රශ්නය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රසායනාගාර සේවා අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ජයලාල් විජේසිංහ වෙත යොමු කළා.
කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන ගිය නළය පුපුරා යාමේ සිද්ධියෙන් පසු මේ වන විට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පාරිසරික හා සමාජීය, අනෝජා කළුආරච්චිගෙන් විමසීමක් කළා.