Sunday, March 30, 2025

General line - 0115112241

මෙවර උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි



2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම ජූලි 10 වනදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, මාර්ගගත ක්‍රමයටයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් අයදුම්පත් යොමුකළ යුත්තේ ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

පෞද්ගලික අයදුම්කරුවන් ඔවුන් විසින්ම අයදුම්පත් යොමු කළ යුතු වනවා.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා අයදුම් කිරීමට කටයුතු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.