Sunday, March 30, 2025

General line - 0115112241

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු කඩිනමින් ලබාදීමට ජංගම වැඩසටහනක්



සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රටම ආවරණ වන පරිදි ජංගම වැඩසටහනක් ලබන 26 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය පැවසුවේ.

ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරින් ගම තුළටම ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගැනීමට එමඟින් අපේක්ෂා කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් පැවසුවා.