කතාබහට ලක් වූ කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍යය හරහා සංසරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කළ පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිටත් අනාවරණය කරගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
විකෘති කළ කරණීය මෙත්ත සූත්‍රය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ එංගලන්තයේ සිට බවයි සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
AI තාක්ෂණය ඔස්සේයි.
කෙසේවෙතත් එංගලන්තයේදී පළමුව සමාජ මාධ්‍යයට ඇතුළත් කළ විකෘති කළ කරණීය මෙත්ත සූත්‍රය මේ වනවිට ඉවත් කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
එහෙත් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අවස්ථාවේදී එය බාගත කරගත් පිරිසක් යළි සමාජ මාධ්‍ය හරහා විකෘති කළ කරණීය මෙත්ත සූත්‍රය සංසරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එයද ඉවත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.