Friday, February 28, 2025

General line - 0115112241

එළවළු මිල අහස උසට යන තවත් හේතුවක් කෘෂි විද්වතෙක් පෙන්වා දෙයි



මෙරට වගා කරන ලද එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සැලකිලමත් විය යුතු අයුරකින් අවම වී නොමැති බව කෘෂි විද්වතුන් පවසනවා.

හානිය අවම වී ඇති බවට පසු අස්වනු තාක්ෂණීක ආයතනය ප්‍රකාශ කළ ද එය තවමත් පවතින්නේ අවම මට්ටමේ බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙරට තුළ සිදුවන පසු අස්වනු හානිය තව දුරටත් අවම කර ගැනීමට හැකියාව පවතින බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පැවසුවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ එළවළු මිල ඉහළ යාමට බලපා ඇති හේතු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා.

ලොව මිලියන 800කට අධික ජනතාවක් මේ වනවිට ආහාර නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.