Sunday, March 30, 2025

General line - 0115112241

ඩුබායිහි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට



ඩුබායිහි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෙසෙල්වත්ත, සුචරිත මහල් නිවාසය අසල සිදුකල වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි මිලි ග්‍රෑම් 900ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්  රුපියල් ලක්ෂ තුනක මුදලක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, සෙරැස්තියන් මාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වන තරුණයෙක්.

සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.