Thursday, March 13, 2025

General line - 0115112241

පිලිපීන හමුදාව චීනයෙන් වන්දි ඉල්ලයි

චිරාන් ධර්මසේන



මතභේදාත්මක මුහුදු සීමාවේදී සිය නෞකාවලට පහර දී පැහැර ගත් ආයුධ යළි ලබා දෙන ලෙස පිලිපීනය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

පිලිපීන හමුදා ප්‍රධානි ජෙනරාල් රෝමියෝ බ්‍රවුනර් චීනයෙන් ඉල්ලා සිටියේ මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදු සීමාවේදී  චීන වෙරළාරක්ෂක භටයින් විසින් ඔවුන්ගේ භාරයට ගත් රයිෆල් සහ උපකරණ කිහිපයක් යළි ලබා දෙන ලෙසයි.

එමෙන්ම දකුණු චීන මුහුදේදී එල්ල කළ මුහුදු කොල්ලකෑම් හා සමාන ප්‍රහාරයෙන් සිදුවූ හානි සඳහා වන්දි ගෙවන ලෙස ද පිලිපීන හමුදා ප්‍රදානියා චීනයට පවසා තිබේ.

දකුණු චීන මුහුදේ පිහිටි පිලිපීන නාවික හමුදා මුරපළකට ආහාර සහ ගිනි අවි ඇතුළු අනෙකුත් සැපයුම් රැගෙන යමින් තිබූ යාත්‍රා කිහිපයකට චීන වෙරළාරක්ෂක භටයින් ඉකුත් දා ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඔවුන් සිය යාත්‍රාවලට කඩා වැදී මංකොල්ලකරුවන් ලෙස කටයුතු කළ බව පිලිපීනය චෝදනා කරයි.

චීන වෙරළාරක්ෂකයින් විසින් පිලිපීන යාත්‍රාවල තිබූ රයිෆල් අටක් පැහැර ගෙන ඇති අතර පිලිපීන නාවික හමුදා සාමාජිකයින් පිරිසකට පහර දී තුවාල සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ