බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාඑළිය අධි රක්ෂිතයේ සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී මාඑළිය අධි රක්ෂිතයට අනවසරෙන් ඇතුල් වී මැණික් ගරමින් සිටි, බොගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 44ත් අතර පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.