ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට බි්‍රතාන්‍යයේ එල් ටී ටී ඊ සංවිධානය නම් කර, ඊට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය විසින්, තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනාධිකරණ කොමිසම වෙත ඉදිරිපත් කළ අභියාචනාධිකරණ පෙත්සම, එම කොමිසම විසින් විවෘත තීන්දුවක් ලබා දෙමින් ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර එල් ටී ටී ඊ තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ද සඳහන් කර තිබෙනවා.
මේ ඒ පිළිබඳ කරුණු ගෙන එන ලන්ඩනයේ සිටින නෙත් නිවුස් විශේෂ වාර්තාකරු ජනක අලහප්පෙරුම.