Friday, February 28, 2025

General line - 0115112241

කුලී නිවාස වෙනුවෙන් බදු අය කර ගැනීමේ තීරණය ගැන රජයෙන් යලි පැහැදිලි කිරීමක්

රංජිත් රාජපක්ෂ



රජයේ ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළක් සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දුන් බද්ද සියයට 10ක ප්‍රමාණයකට පමණක් බලපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනගහනයෙන් සියයට 90කට එම බදු ක්‍රමයෙන් ප්‍රතිලාභ හිමිවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

නිසි සොයා බැලීමකින් පසුව මෙම බදු ක්‍රමය හඳුන්වාදුන් බවත් සාමාන්‍ය ජනතාවට අදාළ බදු ක්‍රමයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.