අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති අද සහ හෙට ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
එම සංගමයේ ලේකම් අජිත් පී තිලකරත්න පැවසුවේ ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් පද්ධතියට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.
කෙසේවෙතත් අනධ්‍යයන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූව ද රජයේ සියලුම පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.