දේශීය පොල්තෙල් නිෂ්පාදනය සඳහා බදු අය නොකරන්නේ නම් පාරිභෝගිකයන්ට රුපියල් 350ත් 380ත් අතර මිලකට පොල්තෙල් ලීටරයක් ලබාදීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පැවසුවේ ආනයනික තෙල් මිල වෙළඳපොළ තුළ සීඝ්‍රයෙන් ඉහළ යන බැවින් රජය දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට සහන ලබාදිය යුතු බවයි.
ආනයනකරුවන්ට රජයේ බදු සහන රැසක් ලබාදී තිබියදී ආනයනික පොල්තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම ප්‍රශ්න සහගත තත්ත්වයක් බවයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.
පොල්තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතාන ද අදහස් පළකළා.