දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පැවතීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට දිනයේ ඕනෑම වේලාවක වැසි ඇති වීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් කරුණු දැක්වුවා.