Sunday, May 11, 2025

General line - 0115112241

ඩුබායිහි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට



ඩුබායිහි සැගව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස්, නාගලන් වීදිය ප්‍රදේශයේ ගරාජයක් පිටුපස සිදුකල වැටලීමකදීයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 360ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්.

ඩුබායිහි රැඳී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ඩුබායි කසුන් සහ ලහිරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය ඔහු විසින් මෙහෙයවන බවට සිදුකල විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.