තණමල්විල ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, යුක්තිය මෙහෙයුම යටතේ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල ප්‍රදේශයේ සිදුකල විශේෂ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටයි මිලග්‍රෑම් දෙසිය තිස් තුනක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.